hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 06, පෙ.ව. 11:01



විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මහානායක හිමිවරුන්වත් රවටා ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මහානායක හිමිවරුන්ට ලබා දී ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් පිටපතක් බවත් ගැසට් කර ඇත්තේ තවත් පිටපතක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයට බවද ඔහු චෝදනා කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ විජයදාස ඇමතිවරයා එහි බලතල අඩු කර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ බලතල අඩු නොකරන සංශෝධන ඉදිරිපත් කර තිබූ බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: