hit counter

2025 අප්‍රේල් මස 23 වන බදාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 9:59



අලුත් අවුරුද්දෙන් අනතුරුව රැස්වන පලමු කැබිනට් හමුව හෙට දිනයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් නව කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

අපරාධ ක්‍රියාමගින් උපයා ගත් දේපල රාජසන්තක කිරීම සඳහා නීති සකස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පලමු වරට විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් හමුවට සහභාගී වීමද විශේෂත්වයක්.