hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 05, ප.ව. 2:02



බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ සේපාල අමරසිංහ නැමැත්තා පිළිබඳ අද(05) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා.

එහිදී අදහස් දැක්වීමේදී උණුසුම් තත්වයක්ද හට ගත්තා.

එලෙස අදහස් පළ කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අතර දැඩි උණුසුම් කතා බහක් ඇති වුණේ මන්ත්‍රීවරයාගේ මයික්‍රෆෝනය විසන්දි කිරීමත් සමඟයි.

“සේපාල අමරසිංහ කියන සුුදු රැවුල්කාරයා. රැඩිකල් අනාගමිකකාරයෙක්. ඒ අයට ඕන බුදු දහම පිළිගන්න මිනිස්සුන්ගේ හිත් පෑරෙන විදිහට පහරදෙන්න. අනාගමිකයෝ අනාගමිකයෝ විදිහට ඉන්න. ඒ අයට අයිතියක් නෑ විශ්වාසයන්ට ගරහන්න.” යැයි වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකවරයා වීරවංශ මන්ත්‍රීවරයාගේ මයික්‍රෆෝනය විසන්ධි කිරීමත් සමඟ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක් පළ කළා.

පසුව මයික්‍රෆෝනය යළි ක්‍රියාත්මක කිරීමෙන් පසු වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දැක්වුවා.

“ඔබතුමාත් අනාගමිකයෙක්ද මගේ මයික් එක ඕෆ් කරන්නේ මේක කියනකොට” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

කරුණාකර මේ ප්‍රවණතාවයට වැඩීමට ඉඩ නොදෙන්නැයි ඔහු ඉල්ලීමක් කළා.