hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 13, ප.ව. 12:35



හිටපු මුදල් ඇමති බැසිල් රජපක්ෂ මහතාට විමල් වීරවංශ මහතා යළිත් වරක් දරුණු ප්‍රහාරයක් එල්ල එල්ල කර තිබෙනවා.

ඒ තමන් නියෝජනය කරන ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට හරවා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බවට චෝදනා කරමින්.

අතහැර නැති මැච් එක

බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා තාමත් මැච් එක අත ඇරලා නැති බවයි වීරවංශ මහතා පෙන්වා දෙන්නේ.

පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ නිවසට බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවන්තයින් කීප දෙනෙකු මධ්‍යම රාත්‍රියේ 2 කට ගොස් ඇති බවට හෙළිදරව්වක් ඔහු සිදු කරනවා.

ඒ එසේ ගිය අයගේ නම් ගම් ද ඇතුළත්වයි.

නිවසට ගිය අය

ඒ පොදුජන පෙරමුණ පාලක ලේකම්වරයාව ලෙස කටයුතු කරන රේණුක පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන් බවයි වීරවංශ මහතා සඳහන් කරන්නේ.

ඔහු වැඩි දුරටත් සඳහන් වැඩි දුරටත් පාන්දර දෙකට මන්ත්‍රිවරයාගේ නිවෙසට ගිය මේ පිරිස උදෑසන 8:30 දක්වා එහි සිටි බවත් එහිදී ආණ්ඩුවට පැමිණියහොත් දෙන දොළ පිදේනි හා ඇමතිකම් ගැන කතා කළ බවයි.

එහිදී මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතා හා දුරකථනයෙන් සම්බන්ධ කිරීමටද එම පිරිස උත්සාහ ගත් බව වීරවංශ මහතා පෙන්වා දෙනවා.

යලි කරළියට

බැසිල් රාජපක්ෂ මහතා යළි කරළියට පැමිණෙන බවත් තමන් ආණ්ඩුවේ රැඳී සිටින්නේ ඒ විශ්වාසය මත බවත් එම පිරිස අදාළ මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කළ බවද විරවංශ මහතා අවධාරණය කරනවා.

ආණ්ඩුව යළි ගැටගසා තමා යටතේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා තවමත් උත්සාහ ගන්නා බවට චෝදනා කරන වීරවංශ මහතා එවැනි දේශපාලන ගේම් වලට තමන් ඉඩ තියන්නේ නැති බවද අවධාරණය කරනවා.

විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක් අයෙක් ආණ්ඩුවට

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවට එක් වී රාජ්‍ය ඇමතිධූරයකුත් භාරගෙන තිබෙනවා.

ඔහු ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ අතර ඔහු ආණ්ඩුවට යෑමත් සමග පක්ෂයේ එම සියලු තනතුරුවලින් ඉවත් කොට තිබෙනවා.