hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 05, ප.ව. 8:37



වත්මන් ආණ්ඩුව චීනය කලින්ම තරහා කර ගත් බවත් මේ වන විට රුසියාව තරහ කර ගැනීමේ ඉමකට පැමිණ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවා.

ඒ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපුවාම ලේකයේ රටවල් පෝලිමේ ඇවිත් උදව් කරයි කියලා සමහරු කිව්වා. නමුත් සැප්තැම්බර්, ඔක්තෝබර් වෙද්දි මහා සාගතයක් එනවා කියන එක හැරෙන්න ඒ තත්වයෙන් අවම හානියක් වෙන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන ආණ්ඩුවෙන් උත්තරයක් නෑ.ගෑස් නැතිව නාගරික ජනයා පමණක් නෙමෙයි ග්‍රාමීය ජනයාත් අර්බුද රැසකට මුහුණ දීලා ඉන්නේ. මේවාට විසඳුම් ගන්න මිත්‍ර රටක් සමග සාකච්ඡ කරන එකක්වත් පේන්න නෑ. ඒ වෙනුවට සිද්ධ වෙලා තියෙන්නේ මිත්‍ර රටවලුත් තරහ කර ගනීමේ දිශාවට මේ රට ඇඳගෙන යාමයි.”

“චීනය හා රුසියාව කියන්නේ ලංකාව ජාත්‍යන්තරයේ මුහුණ පාපු හැම අර්බුදයකදීම විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වූ අවස්ථාවක අවංක මිතුරෙක් ලෙස කටයුතු කරපු රටවල්. චීනය කල්තියාම තරහා කර ගත්තා මේ ආණ්ඩුව. අද වන විට කොළඹ වාණිජ මහාධිකරණය කරලා තියෙන අධිකරණමය මැදිහත්වීමක් අනුව රුසියාවත් තරහ කර ගැනීමේ ඉමකට රට අරගෙන ගිහිල්ලා. තෙල් අර්බුදයට, රසායනික පොහොර අර්බුදයට, විදේශ විනිමය අර්බුදයට සංචාරකයන් රැසක් ගෙන්න ගන්න පුළුවන් රටක්, තේ වෙලදාමෙන් ලෝකේ දෙවැනියට ඉන්නේ රුසියාව.සෝවියට් සංගමයේ සිටම අපිට දීලා තියෙන්නේ උදව් මිසක් කරදර නෙමෙයි.රුසියානු සංචාරකයන් ටිකවත් ආවේ නැත්නම් මොනම විදේශ විනිමයක්වත් රටට එන්න මාර්ගයක් නෑ. අනිත් බොහෝ රටවල් ට්‍රැවල් බෑන් නිකුත් කර තියෙන්නේ. සංචාරකයෝ ගෙනත් දෙන රට, අපේ තේ වලින් දෙවැනියට තේ මිලදී ගන්නා රට.”