hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 21, ප.ව. 2:30



නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර දරන පුද්ගලයන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැඩි විවේචනයක් ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ නිමල් ලන්සා මහතාගේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීම ඔවුන් විසින් ඉදිරිපත් කළ බවද විරවංශ මහතා තරයේ කියා සිටියා.

එම කණ්ඩායම් දෙක ජනාධිපතිවරයාව නොමඟ යවා කිසි කමකට නැති අගමැතිවරයෙක් පත් කිරීමට තල්ලු කළ බවද ඒ මහතා සඳහන් කළා.

මෙම සතියේදී ජනතා ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් නිදාගෙන සිටින ආණ්ඩුව ඇහැරවීමට වගකීම් සහගත භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ රැදී සිටින බවද ඒ මහතා පවසා සිටියා.

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට කළ ප්‍රකාශ වලින් අනතුරුව ඔහු මේ බව පැවැසුවා.

ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ජාතික සභාවක් පත්කර එයින් අගමැතිවරයෙක් පත්කර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.