hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 14, ප.ව. 5:27



කණ්ඩායම් 3ක් ලෙස ස්වාධීන වූ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරනවා.

ඒ ස්වාධීන වූ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ මහතා විසින්.

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලට බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී කණ්ඩායම් පැමිණ එම මන්ත්‍රීවරුන් යළි ආණ්ඩුවට එක් කර ගැනීමට ගන්නා උත්සාහය පිළිබඳව හෙළිදරව්වක් මීට පෙර වීරවංශ මහතා මාධ්‍ය හමුවක් තබමින් සිදු කළා.

ස්වාධීන වූ මන්ත්‍රීවරු

එහිදී එසේ පැමිණි පිරිස ලෙස රේණුක පෙරේරා , සංජීව එදිරිමාන්න හා ජයන්ත කැටගොඩ යන පිරිස ලෙස නම් ගම් සහිතව වීරවංශ මහතා හෙළි කලත් එම පිරිස එසේ ගියේ කුමන මන්ත්‍රිවරයාගේ නිවෙසටදැයි හෙළිදරව් කළේ නැහැ.

එම පිරිස එසේ ගිය මන්ත්‍රීවරයාගේ නිවස මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ

ඒ විමල් වීරවංශ මහතා නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන උද්දික උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසටයි.

එහිදී ප්‍රේමරත්න මහතාට සංස්කෘතික කැබිනට් ඇමති ධූරය එම පිරිස යෝජනා කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට සෞඛ්‍ය ඇමැති ධුරයද යෝජනා කොට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.