hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 9:58



ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇති කරන තුරු දේශපාලනයෙන් ඉවත්ව තමා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ අනුව, තමා නැවත මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කළා.

අරගලකරුවන්ට අවශ්‍ය අප වැනි නායකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඊට තමා අනුගත වන බව ද ඒ මහතා සඳහන් කළා.

සිස්ටම් චේන්ජ් ඉල්ලූ පිරිස් එම වෙනස සිදුකර පෙන්වන ලෙස ද ඒ දෙස තමා දේශපාලනයෙන් ඉවත් වී බලා සිටින බව ද විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බව ද දිසානායක මහතා සඳහන් කළා.

ෆේස්බුක් බලාගෙන රට කරන්න එපා යයි තමන් ඔහුට පැවසූ බවත් හෙතෙම පැවසුවා.

ෆේස්බුක්හි ඇත්තේ අසත්‍ය සහ මිත්‍යාව බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.