hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 4:46



රටේ ප්‍රශ්න විග්‍රහ කරන, විචාරය කරන විශාරදයෝ ,ප්‍රාඥයෝ, පණ්ඩිතයෝ විශාල ප්‍රමානයක් සිටින බවත් එවැනි මෑතදී බිහිවූ මහා විශාරද පණ්ඩිත හිමියන් වන්නේ මිහින්තලේ නායක හාමුදුරුවෝ බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“මිහින්තලේ අපි නමස්කාර කරන සිද්ධස්ථානයක්. මේ රටට බුදුදහම ගෙනා කරුණාවේ මෛත්‍රීයේ ,අනුකම්පාවේ දයාවේ සියළු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා කියන උත්තමදාම මිස්සක පව්වේ සිට මීට අවුරුදු දෙදහස් ගණනකට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මය දේශානා කල ස්ථානය.

ඒ මිහින්තලයෙන්  මේ දවස්වල  ඇසෙන හඬින් මට තේරෙන්නෙ යක්ෂා ගමනයක් සිදුවුනාද කියලයි. හාමුදුරුවෝ කියනවා දිව කපන්න, ගහන්න, එළවන්න කියලා. මහා නායක හිමිනමක් කෙතරම් සංවරශීලී වියයුතුද ,මොනතරම් කාරුණික වියුතුද.  කෙතරම් දයාබර වියයුතුද , බුදුන්වහන්සේගේ ධර්මය ගෙනා ස්ථානය යක්ෂා ගමනයක් සිදුවුනා වගේනේ අද තියෙන්නෙ.

හාමුදුරුවෝ සහ තවත් අපෙන් ගියපු කෙනෙක්  කියා තිබෙනවා මන්ත්‍රීවරු එක්කෙනෙකුට බාර් 10 ක් තියෙනවා කියලා. මම හාමුදුරුවන්ට අභියෝග කරනවා මම දී තිබෙන බාර්එක මොකක්ද කියලා කියන්න කියා. අම්පාර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාගෙන් කාටහෝ බාර් එකක් තිබේනම් කියන්න. කාටද ඉන්ධන හල් ලබාදී තිබෙන්නේ කියන්න. මම මත්පැන් උගුරක් හෝ සිගරැට්ටුවක්වත් නොබන කෙනෙක්. බාර් තියන අයගේ ලැයිස්තුව  කියන්න. ඔය බාර් දෙදහක් තියනවා කියන මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිකරන්න. ඉන්න තැනක්වත් නැති මට බාර් තියනවා කීම මොනතරම් අපරාධයක්ද?

හාමුදුරුවෝ කියනවා පළාත් සභාත් එපා, පාර්ලිමේන්තුවත් ,ප්‍රාදේශීය සභාත් එපා කියලා. මේවා වහලදාලා ප්‍රජාතන්ත්‍රවාදය, මහජන නියෝජනය, මහජන කැමැත්ත යන ඒවා මොකුත් නැතුව රජ්ජුරුවෝ , නිළමේවරු ඉන්න, අදිකාරම්ලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයක් ද ඕන. ඒක ඕන නම් මිහින්තලේම හදාගන්න පූළුවන්නේ.

පාලි හා බෞද්ධ විශ්විද්‍යාලය හා තවත් ඇතැම් විශ්ව විද්‍යාල මුදානොගත් ප්‍රදේශ බවට පත්වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරියක් කියා තිබුණා පළාත් සභා ,ප්‍රාදේශීය සභා මැතිවරණ කල්දමනවාට විරුද්ධයි කියලා. පසුගිය ආණ්ඩුව කාලේ පළාත් සභා මැතිරණය කල්දමා තිබේ. එදා නිහඬව හිටි මේ අයට දැන් තමයි  ප්‍රජාතන්ත්‍රවාදය මතක් වී තිබෙන්නෙ. එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ හැසිරුණු ආකාරය හරිනි මන්ත්‍රීතුමිය දන්නේ නැතුව ඇති. අනුර කුමාරලා ,විජිත හේරත්ලා ඇමැතිධූර දරමින් ආණ්ඩු කරපු හැටි මන්ත්‍රීතුමිය දන්නේ නැතුව ඇති. ඒ ගොල්ලෝ හරියට දැන්  ඉන්නේ මලෙන් උපන් කුමාරයෝ වගේ.

සේනා දළබුවා පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. අවශ්‍ය උපදෙස් දෙනවා. දැනට වේගවත්  ව්‍යාප්තියක් නැහැ. යම් හානියක් තියෙනවා.  ප්‍රාදේශීය සභා මැතිවරණයට අපි සූදානම්. දිනන්න හරි පරදින්න හරි ඡන්දය ඉල්ලනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළා.