hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 6:30



මීලග ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සුදුසුම පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරනවා.

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ නව ක්‍රමයක් තුළින් බවත් එම ක‍්‍රමය පිළිබඳව දැන්ම හෙළි නොකරන බව ද ඔහු කියා සිටියේ පොදු ජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙය තමන්ගේ පුද්ගලික අදහස මිස පක්ෂයේ පොදු මතය නොවන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන්ද සුදුසුම කෙනා නිසි වෙලාවේදී ඉදිරිපත් කරනු ඇති බවත් හෙතෙම කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: