hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 20, පෙ.ව. 3:12



මේවන විට ආණ්ඩුවෙන් වෙන් වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ දෙදරීමක් දක්නට ලැබෙනවා.

මේවන විට ස්වාධීන වූ පක්ෂ 11න් කොටසක් ආණ්ඩුවේ ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට සහය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි පිරිසක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායමේ නායකත්වය පිළිබඳ මේවන විට මතභේදාත්මක තත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට පෙර එම කණ්ඩායමේ සාමාජික වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසූවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මහතා පත් කර ගත් බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ ඊලඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයටද විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර එම කණ්ඩායමේ සාමාජික පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසූවේ තවම නායකයා කවුදැයි නිශ්චිතවම තීරණය කර නොමැති බවයි.

නමුත් මේ මොහොතේ අප සමඟ සිටින දේශපාලන පක්ෂ අතර ප්‍රමුඛයා විමල් වීරවංශ මහතා බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඩලස් අලහප්පෙරුම නායකත්වයෙන් ගොඩනගන සන්ධානයකට සහය දීමට සූදානම් බවත් ඩලස් මන්ත්‍රීවරයා අලුත් දේශපාලන පක්ෂයක් බිහි කළහොත් සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

ඩලස් කියන්නේ ජනතාවගේ දේ්ශපාලන නාඩිය ඇල්ලීමට සමත්කම් ඇති දේශපාලනයේ සිටින හොඳ මිනිස්සු ටික දෙනාගෙන් කෙනෙකු බවත් ඔහු පොහොට්ටුවේ දැවැන්තයෙකු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

පොහොට්ටුවේ අතරමංව සිටින මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබාදීමට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට හැකියාව තිබෙන බවයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසූවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: