hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 8:34



එදා අපේ පැරැන්නෝ ගංගා, විල්, වැව්, ඇළ දොළවල් තරණය කිරීම සඳහා යොදා ගත්තේ ඔරු පාරු හා අඟුල් ආදී ඉපැරැණි යාත්‍රාවන්. ගංගාවලින් එගොඩ මෙගොඩ යැම සඳහා වැඩි වශයෙන් භාවිතා වූයේ අඟුල් ඔරු වැනි යාත්‍රාවන්. අපේ පාරම්පරික යාත්‍රාවන් ගැන සඳහන් කරන විට ඒවාට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්. විජය රජතුමා මෙරටට ගොඩබැස්‌සේද යාත්‍රාවකින්. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවා ගෙන විත් ඇත්තේද යාත්‍රාවකින්. විහාරමහා දේවිය කැලණි ගඟෙන් පාකොට යවා ඇත්තේද යාත්‍රාවකින්. අපේ පැරැන්නන් මෙම ඉපැරැණි යාත්‍රාවන් භාවිතා කිරීමට පුරුදු පුහුණු වූයේ ඉන්දියානු ආභාෂය නිසා බව කියනවා.

කෙසේ වුවද දැනට ලංකාවේ ගංගාවන් ආශ්‍රිතව හමු වී ඇති පැරැණිතම යාත්‍රාව වන්නේ කැලණි ඔරුවයි. කැලණි ඔරුව හමු වී ඇත්තේ ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදීයි. ඒ කැලණි ගංගාවෙන්. එම යාත්‍රාව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙනවා. අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු පාරුව ක්‍රිස්‌තු පූර්ව හත්වන සියවසට අයත්. රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක්‌ හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්‍රාවන් ගණනාවක්‌ම ලංකාවේ ගංගා ආශ්‍රිතව හමුවී තිබෙනවා.

කෙසේවුවද මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසාවෙන් අත්තනගලු ඔයෙන් හමුවි ඇති පාරුව සම්පුර්ණයෙන්ම විනාශයට පත්වි තිබෙනවා. මෙම පාරුව අත්තනගල්ල ඔයෙන් හමුවි ඇත්තේ 1998 වර්ෂයේදියි. වැලිගොඩ දමමින් සිටි පිරිසකට මෙකි පාරුවේ කොටස් හමුවි ඇති බවට සදහන් වෙනවා. එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ඉල්ලිමකට අනුව අත්තනගල්ල ඔයෙන් හමුවු මෙම පාරුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රැගෙනවිත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ජල ටැංකියක ලීකුඩු දමා තැන්පත්කොට තිබෙනවා. අත්තනගල්ල පාරුව දිගින් අඩි 59යි අගල් 11ක්. පළල අඩි 04ක්. කාලනිර්නය අනුව මෙම පාරුව  වසර 1270ක් පැරණියි.

මෙම  පාරුව සංරක්ෂණය කිරිමේ කාර්යභාර්ය  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැවරි තිබෙනවා. සංරක්ෂණ කටයුතු සදහා රුපියල් මිලියන 04ක පමණ මුදලක් වැයකොට පොලිඑතිලින්  සහ ග්ලයිකෝල් නැමති රාසායන ද්‍රව්‍යයද මිලදි ගනු ලැබුවා. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2001 වර්ෂය දක්වාම එම රසායන ද්‍රව්‍ය භාවිතා කොට මෙම  පාරුව සංරක්ෂණය කොට නොතිබු බවයි. එම රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන් දෙකකට භාවිතා කොට තිබුණා. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය මගින් වෙනත් ක්‍රමවේදයකට මෙම පාරුව සංරක්ෂණය කිරිමට පියවර ගෙන තිබුණා.

වියලි ක්‍රමය යටතේ පාරුව සංරක්ෂණය කිරිමේ කටයුතු සිදුකරණු ලැබුවා. සංරක්ෂණ කටයුතු සිදු කිරිමෙන් පසු මෙම පාරුව ප්‍රදර්ශනය කිරිම සදහා පියවර ගන්නා ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින් දැනුම් දි තිබුණා. එහෙත් මෙම පාරුවේ සංරක්ෂණ කටයුතු අවසන් විමෙන් පසු නියමිත අයුරින් ප්‍රදර්ශනයට තැබිමට පියවර ගෙන නොතිබුණා. හොර ලීදඩු යොදාගෙන අත්තන්නගල්ල පාරුව නිර්මානය කොට තිබු අතර 2019 වර්ෂය අවසානය වන විට පාරුවේ කොටස් විශාල ප්‍රමාණයක් දැඩිලෙස දිරිපත්වි පුළුන් ගොඩක් බවට පත්ව තිබුණා. මේ සදහා ස්වාභාවික හානි ද හේතුවි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්  විගණනයට සදහන් කොට තිබෙනවා. මේ සදහා ගතයුතු  ක්‍රියාමාර්ග පිළිබද සංරක්ණ අංශයට උපදෙස් ලබාදිම සදහා මහාචාර්යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් 2019 වර්ෂයේ දි පත්කිරිමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින්  කටයුතු කරණු ලැබුවා.

විගණනය මගින් පෙන්වා දෙන්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරය තුල 1950 වර්ෂයේ පමණ සිට කැණිම් හා සංරක්ෂණ අංශ මගින් සොයා ගත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබෙන බවයි. ඇතැම් පුරාවස්තු සංරක්ෂණය කිරිමට කටයුතු කර නොතිබුණා. ඒ විතරක් නොව අතිතයේ සිට විදිමත්ව සකස්කළ පුරාවස්තු පිළිබද ලේඛනයක්ද  නොතිබුණා. 2020 හා 2021 වර්ෂවල  පුරාවස්තු ලේඛනගත කිරිම ආරම්භ කළද වර්තමානය වනවිට පුරාවස්තු විශාල ප්‍රමාණයක්  ලේඛනගත කිරිමකින් තොරව ආනාරක්ෂිත පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. 

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා මෙම පාරුව ගැන කියන්නේ මෙවැනි කථාවක්,

“මාගේ කාලය තුල තමයි මෙම පාරුව ජාතික කෞතුකාගාරයට රැගෙනවිත්  තිබුණේ. මේ පිළිබද විවිධ මත තියෙනවා. අත්තනගල්ල විහාරස්ථානයේ පහලින් තමයි මෙම පාරුව හමුවෙන්නේ. භික්ෂුන්වන්සේලා උපසම්පදා විනයකර්ම කිරිමේ දි මණ්ඩපයක් හැදිම සදහා භාවිතා කරපු ලි දඩු කියලා තමයි විශ්වාස කරන්නේ. ක්‍රි.වර්ෂ 08 වැනි ශතවර්ෂයේ දි අනුරාධපුර අග කාලය වන විට අත්තනගල්ල රජමහා විහාරස්ථානය උපසම්පදා විනයකර්මය සිදු කරන වැදගත් විහාරස්ථානයක් බවට පත්වෙලා තිබුණා.”

ගාල්ල – ලලිත් චාමින්ද