hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 11:49



යමෙක් ව්‍යක්ත වේද විශාරද වේද බහුශ්‍රැත වේද ධම්දධර වේද , ධම්මානු ධම්ම ප්‍රතිපන්න වේද එබඳු තැනැත්තෙකු සංඝ සෝභනය හෙවත් ශ්‍රාවක සංඝයා බබුළුවන්නේය යන්න තථාගත භාශිතයයි.

එම තථාගත භාශිතයට අයත් මහා යතිවරයාණ කෙනෙකු මින් දශක අටකට එපිට රුහුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ වල්පොළ ග්‍රාමයේදී බුලේගොඩ ආරච්චිගේ දොන් නන්දිරිස් මැතිතුමන්ට සහ දොඹගොඩ ලියනගේ ෆ්ලෝරා මැතිනියට දාව මෙලොව බිහි වින. අප කතානායකයාණන් වහන්සේ අටදෙනෙකුගෙන් යුත් පවුලේ පස්වෙනි දරුවා විය.

වල්පොළ පාසලෙන් පස්වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා අනතුරුව වර්ෂ 1955 දී මීට වසර 68කට පෙර පැවිදි දිවියට ඇතුළත් විය.ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු හදාරන අතරතුර ප්‍රදේශයේ ධර්ම දේශනා පැවැත්වීමටද සාමනේර අවධියේම අප නාහිමියන් අති දක්ෂ විය. අනතුරුව විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරන අවධියේ දක්ෂ කථිකයෙකු ලෙස ප‍්‍රකට විය.එලෙසම එම අවධියේම සිය ප‍්‍රථම ග‍්‍රන්ථය රචනා කිරීමටත් උන් වහන්සේට හැකවින.

1967 වසරේදී කැළණිය සරසවියෙන් ගෞරව ශ‍්‍රාස්ත‍්‍රවේදී උපාධිය ලැබූ පියනන්ද හිමි ඉන්දියානු තානාපති කාර්යාලය පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලයයී කථික තරගාවලියෙන් 1966 වසරේ ජය ලැබූ පියනන්ද නාහිමි 1969 වසරේද විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සහය කථිකාචාර්ය වරයෙකු ලෙසද 1972 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කෙනෙකු ලෙස සේවය කර ඉන්දියානු රජය පිරිනැමූ ශිෂ්‍යත්වයක් දිනා 1972 වසරේදී කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුලත් වින.එහිදී පාලි පිළිබද ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත් අතර එම අවධියේම ඉන්දියානු මහා බෝධි සංඝමයේ කටයුතු වලටද උන්වහන්සේ සහ සම්බන්ද වින.

1976 වසරේ ජුලි මස 4 වැනි දින ඇමරිකාවට සංක‍්‍රමනය වූ පියනන්ද නාහිමි චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් වූ පියනන්ද නාහිමි 1980 වසරේදී උතුරු ඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ හා කාර්ය බහුලම නගරයක සිය ධූත මෙහෙවරෙහි මධ්‍යස්ථානය වූ ධර්ම විජය බෞදධ මධ්‍යස්ථානය කැලිෆෝනියා හිදී ආරම්භ කරනු ලැබීය.එතැන් සිට පුරා දශක පහකට අධික කාල සීමාවක් ඇමරිකාව සිය වාසස්ථානය කරගත් අප නාහිමියන් පාරම්පරික ලාංකීය භික්ෂු භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇමරිකානුවන් වෙත දහම ලබා දීමේ භූමිකාව අතිසාර්ථකව ඉටු කල අතරම උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඇමරිකාව තුල ශ‍්‍රී ලාංකීය බෞදධ විහාරස්ථාන රාශියක් ඉදි කිරීමට මූලිකත්වය ලබා දෙනු ලැබීය.

එලෙසම ඇමරිකාවට සංක‍්‍රමනය වන ශ‍්‍රී ලාංකිකයනට උන්වහන්සේගේ සරණ හැකි සෑම විටකම ලැබින.විදෙශීයව නොව දෙශීය වශයෙන්ද පියනන්ද නාහිමි ඉටු කලා වූ සේවාවන් ප‍්‍රමාණය අථීමහත්ය.උන්වහන්සේගේ සේවාවන් අගයමින් රුහුණු සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලබා දුන් අතර බුරුම රජය විසින් අග්ග මහා පණ්ඩිත උපාධිය ලබා දෙන ලදි.ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය හොබවන උන් වහන්සේ විශ්ව බෞදධ සංඝ සමුළුවේ පළමු සභාපතිවරයා ද විය.සිය දශක හතකට ආසන්න පැවිදි දිවිය තුල උන්වහන්සේ සපුරාගත් කුසල් ප‍්‍රමාණය අපමණය.

සැම විටම සිනහ මුසු මුහුණින් යුතු පියනන්ද හිමි තවමත් සෑම කෙනෙකු වෙතම කරුණාවෙන් සහ ප‍්‍රඥාවෙන් කටයුතු කිරීමට සැදී පැහැදී සිටී.සිය දිවි සැරිය තුල උන්වහන්සේ ලබා ඇති අත්දැකීම් ප‍්‍රමාණය අපමණය.සිය දිවියේ අසූ වැනි විය සපුරන මොහොතේ අප ප‍්‍රාර්ථනා කරනුයේ ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් තවත් චිරාත් කාල සීමාවක් මෙම උතුම් ශාසකින සේවාවෙහි නිරත වීමට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායී යන්නයි .