hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 11:36



2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ තරග අදින් අවසන් වුණා.

ඒ අනුව මුලික වටයේදී කණ්ඩායම් පහ තරග 8 බැගින් සහභාගී වෙද්දී , ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ දඹුල්ල අවුරා කණ්ඩායමයි.

දෙවැනි ස්ථානයට ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් ,තෙවැනි තැනට බී ලව් කැන්ඩි කණ්ඩායම පත් වුණා.

පසුගිය වර ශූරයින් වු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයට පත්වෙමින් අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව මෙවර තරගාවලියේ මුලික වටයෙන්ම කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමට ඉවත් වන්නට සිදු වුණේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් වීමත් සමගයි.

අවසන් වටයේ පළමු තරගයේදී අනිද්දා දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

දෙවැනි අවසන් වටයේ තරගයේදී බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එදිනම තරග බිමට පිවිසෙනවා.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පළමු අවසන් වටයේ තරගයෙන් පරාජය වු කණ්ඩායම සමගින් ලබන සෙනසුරාදා තරග බිමට පිවිසෙන අතර ඉන් ජය ගන්නා කණ්ඩායමයි අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ.

මෙවර LPL අවසන් තරගය ලබන ඉරිදා කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.