hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 9:56



පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට විරේන් නෙත්තසිංහ හට අවස්ථාවක් හිමිව තිබෙනවා. මේවන විට ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඔහු 72 ස්ථානයේ පසුවනවා. ඒ ප්‍රසාද ලකුණු 24,030ක් ලබාගනිමින්.

ඔලිම්පික් උළෙල නීතී රීතී මාලාවට අනුව බැඩ්මින්ටන් තරග ඉසව්වේ එක් කේවල ඉසව්වක් වෙනුවෙන් එක් රටකින් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 2ක් බැවින් මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ විරේන් හට 32වන ස්ථානය හිමිව තිබෙනවා. මේවන විට ක්‍රීඩකයන් 39දෙනෙක් එලෙස සෘජුව සුදුසුකම් ලබන නාම ලැයිස්තුවේ ශ්‍රේණිගතව ඇති අතර ඊට විරේන් නෙත්තසිංහගේ නම ද ඇතුළත්.

එම ලැයිස්තුවේ සිටින ලාබාලතම ක්‍රීඩකයා ද 20වන වියෙහි පසුවන විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයක්.


පැරිස් ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ කාලසීමාව අප්‍රේල් 28වන දා අවසන් වීමට නියමිතයි.