hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 10:37



කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විද්‍යාලය අතර පැවති 94 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ නාලන්දා විදුහල පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටු වූ අතර ඊට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය ද පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.

නාලන්ද විදුහලේ නායක සජිත විතානගේ පළමු ඉනිමේදී නොදැවී ශතකයක් වාර්තා කළ අතර සදෙව් සමරසිංහ ලකුණු 84ක් ලබා ගත්තා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විදුහල කඩුලු 4ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියා.

දනිද විතානගේ ලකුණු 71 ක් සහ කිත්ම විතානපතිරණ ලකුණු 76 ක් ලබා ගත්තා.

මෙම තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.