hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 20, ප.ව. 7:03



ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත විය.

90 වැනි වියේ පසුවූ ආචාර්ය එදිරිවීරසිංහම් 1953 වසරේ සිට දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවට හිමිකම් කීවේය. 1958 ජපානයේ ටෝකියෝ නුවර පැවැති 3 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 2.03ක නව ආසියානු ක්‍රීඩා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.

1962 දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.