2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:18
ලෝක කුසලානය එක්දින ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත.
වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුශංක ද එක්දින ලෝක කුසලාන සංචිතයට ඇතුලත්ව ඇති අතර, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි කරගැනිමට නියමිතයි.
දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් ජනිත් පෙරේරා,චරිත් අසංලක, ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීෂ පතිරණ සහ ලහිරු කුමාරද ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ලෝක කුසලානයට සහභාගි වීම සදහා ඉන්දියාව බලා පිටත්වයෑමට නියමිතයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51