hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 12, පෙ.ව. 11:29



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන සුපිරි කණ්ඩායමක් බවත් සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක පරාජය වුවද තවත් ලකුණු දහයක් පහළොවක් තිබුණේ නම් ඒ තරග දෙකම දිනා ගැනීමේ අවස්ථාව තිබූ බවත් පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෑල්ලුවට ලක්කිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවත් සමාජ මාධ්‍ය හරහා ජාතික කණ්ඩායමෙන් හැලුනු ඇතැම් ක‍්‍රීඩකයන් සහෝදර ක‍්‍රීඩකයන්ට මඩ ගසන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ,

“නොදන්න මඟුල්වලට එක එක හෑලි ලියන උන්ට නම් අම්මපා මොකක්ද කරන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ක්‍රීඩාව දැන් වැටිලා. සමාජ මාධ්‍ය බැලුවොත් සියලුදෙනා දැන් වනිඳුටත් වැඩිය හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් අය. කොහෙවත් යන කීබෝඩ් වීරයන්ගේ කීමට ක්‍රිකට් වෙනස් කරන්න ගියොත් සති පතා වෙනස් කරන්න වෙන්නේ.”

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.