hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 19, ප.ව. 7:34



එළඹෙන IPL 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එක් කර ගෙන තිබෙනවා.

ඒ එංගලන්ත පන්දු යවන්නකු වන ගැස් ඇට්කින්සන් වෙනුවට වෙනුවටයි.

චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කණ්ඩායමට එක්වනු ඇත.

දුෂ්මන්ත චමීර මීට පෙර 2018 සහ 2021 IPL වාර වලදී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඔහු අවසන් වරට 2022 වසරේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.