hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 ජනවාරි 28, ප.ව. 10:09



ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ස්වාධීනව කරගෙන යෑම සඳහා ඉඩනොලැබෙන බව චෝදනා කරමින් ICC විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 10 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කළා.

මෙම තහනම ඉවත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

පැවැති තහනම හේතුවෙන් වයස අවුරුදු 19න් ලෝක කුසලානයේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමිව ගියා.

ICC තහනම ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුල්‍ය පරිපාලනය සඳහා පැවැතුණු සීමාවන් ද ඉවත් වි තිබේ.