hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 22, ප.ව. 10:28



ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති 3වන T20 තරගයේ ලබාදුන් විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් තරගය අවසානයේදී විනිසුරුවරයාට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග විනිසුරු ලින්ඩන් හැනිබල්ට දැඩි චෝදනා එල්ල කළා.

එමෙන්ම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී වනිදු හසරංග විනිසුරුගේ ක්‍රියාකලාපය විවේචනය කළාය.

” ඒ වගේ දෙයක් ජාත්‍යන්තර තරගයකදී වෙන්න බෑ. ඒක ළඟින් ගියානම් ප්‍රශ්නයක් නෑ. එච්චර උඩින් ගිය එකක්? මම හිතන්නේ තව ටිකක් උඩට ගියානම් බැට්ස්මන්ගේ ඔලුවේ වදිනවා බෝලේ. මම කියන්නේ ඒ වගේ එකක් පේන්නේ නැත්නම් ඒ විනිසුරුවරයා ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නෑ. ඒ විනිසුරුවයා වෙන ජොබ් එකක් කරා නම් තමයි හොඳ” යනුවෙන් වනිඳු හසරංග පවසා සිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා විසින් තරග තීරකවරයාට පැමිණිලි කොට ඇති අතර හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව 2 මට්ටමේ චෝදනාවක් එල්ල කර ඇත.

පෙර වැරදි වලින් දැනටමත් දඩුවම් ලකුණු දෙකක් ලබා සිටින වනිදු හසරංග මෙම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට ජාත්‍යන්තර T20 තරඟ දෙකක් හෝ වැඩි ගණනක තහනමක් පැනවෙනවා.