hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 9:44



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතව තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලානයක අවසන් තරගයේදී හමුවන දෙවැනි අවස්ථාව ද මෙයයි.

මීට පෙර 2003 ලෝක කුසලානයේදී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අතර එම තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගත්තා.

ඉන්දියාව 2011 වසරෙන් පසු එක්දින ලෝක කුසලානයක් දිනා නොමැති අතර ඔස්ට්‍රේලියාව අවසන් වරට 2015 වසරේදී එක්දින ලෝක කුසලානයක් දිනා ගත්තා.

ඔස්ට්‍රේලියාව මේවන විට එක්දින ලෝක කුසලාන 5ක් දිනා ගෙන තිබෙන අතර ඉන්දීයාව එක්දින ලෝක කුසලානය දෙවතාවක් දිනා ගෙන තිබෙනවා.

අවසන් මහා තරගය වෙනුවෙන් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය සූදානම් වන අයුරු ද දක්නට ලැබුණා.