hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 11:18



ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (09) පැවති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම  සමත් වුණා.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.4කදී සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත් අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 28කදී ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් වුණා.

කුසල් පන්දු 22කින් අර්ධ ශතකය සම්පූර්ණ කළේ මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය ලෙසින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2කදී දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ ද තරග දෙකක් පමණයි.

ඒ අතර 9න් 7ක් පරාජය වෙමින්.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2025 Champions Throphyට සුදුසුකම් ලබනවා ද යන්න දැන ගැනීමට මෙවර ලෝක කුසලානයේ මූලික වටය අවසන් වනතුරු බලා සිටින්නට සිදුවනවා.

Champions Throphy එකට සුදුසුකම් ලබා ගන්නේ එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 8 පමණයි