hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 ජූනි 10, පෙ.ව. 11:00



T20 ලෝක කුසලානයේ පාකිස්ථානයට එරෙහිව තරගය ලකුණු 6කින් ජය ගන්නට ඉන්දියාව සමත් විය.

මෙම තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත්තේය.

රිෂාබ් පාන්ට් ලකුණු 42යි.

නසීම් ෂා සහ හරිස් රවුෆ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 113ක් පමණය.

2014 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව,නවසීලන්තයට එරෙහිව ලකුණු 119ක් ආරක්ෂා කර ගැනීමෙන් පසු කණ්ඩායමක් T20 ලෝක කුසලානයකදී අවම ලකුණු ගණනක් ආරක්ෂා කර ගත් අවස්ථාව ද මෙය වෙයි.