hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 27, පෙ.ව. 7:15



2024 IPL ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ඒ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්‍.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18.3කදී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

නායක පැට් කමින්ස් ලකුණු 24යි.

අන්ඩ්‍රේ රසල් ලකුණු 19කට කඩුලු 3ක් ද, මිචෙල් ස්ටාර් ලකුණු 14කට කඩුලු 2ක් ද, හර්ෂිත් රානා ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජය ගත්තා.

රහ්මනුල්ල ගුර්බාස් ලකුණු 39ක් ද ,වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් ද ලබා ගත්තා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මීට පෙර 2012 සහ 2014 වසරේදී ශූරතාව දිනාගෙන තිබුණු අතර ඔවුන් දිනූ 3 වැනි IPL ශූරතාවයි.