hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 15, ප.ව. 1:38



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර සඳහා දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (15) ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීම එළැඹෙන ජූනි මස 4 වැනිදා සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් එල්.පී.එල්. සිවුවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහිදී ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆැල්කන්ස්  සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

මෙහිදී එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ඇතුළත් කිරීමට නියමිතව තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ලොව සුපිරි ක්‍රිකට් තරු රැසක් මෙවර තරගාවලිය සඳහා එක්වීමට නියමිතව ඇති බවද සඳහන්. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ් මෙන්ම බංග්ලාදේශයේ සකීබ් අල් හසන් ද මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වීමට නියමිතව ඇති බවද පැවැසේ. එයට අමතරව ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, අයර්ලන්තය, නවසීලන්තය සහ නැබීබියාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලිය සඳහා එක්වනු ඇති බවද දැක්වෙනවා.

ඒ අනුව මැතිව් වේඩ්, ෂෝන් මාෂ්, ඩාර්චි ශෝට්, උස්මාන් කවාජා, ලුන්ගි ඉන්ගිඩි, ඉම්රාන් තහීර්, තබේ්‍රස් ශම්සි, මොහොමඩ් නවාස්, නසීම් ෂා, වහාබ් රියාස්, ලිතන් දාස්, අෆිෆ් හුසේන්, පෝල් ස්ටර්ලිං, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සෙයිෆර්ට්, ඩග් බේ‍රස්වෙල් සහ එරාඩ් ඉරැස්මස් මෙම ක්‍රීඩකයින් අතර ප්‍රධාන තැනක් ගනු ඇති බවද පැවැසෙනවා.

ඩුබායි පදනම් කරගත් දැවැන්ත සමාගමක් වන අයි.පී.ජී. සමූහය මෙවර 2023 එල්.පී.එල්. තරගාවලියේදීත් නිල ප්‍රවර්ධක සමාගම ලෙසින් කටයුතු කරනු ඇති.