hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 23, ප.ව. 1:32



2024 IPL ක්‍රිකට් තරගාවලියේ Playoffs වටයෙන් ඉවත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සිදු විය.

රාජස්ථාන් රෝයල්ස් සමග පැවැති තරගය කඩුලු 4කින් පරාජයවීමත් සමග බැංගලෝර් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වූ අතර ඔවුන් මෙතෙක් කිසිඳු අවස්ථාව IPL ශූරතාව දිනා ගෙන නොමැත.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා තරගය ජය ගත්තාය.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් හෙට Playoffs මීළග තරගයේදී තරගබිමට පිවිසීමට නියමිත අතර එම තරගය ජය ගන්නා පිල ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.