2024 පෙබරවාරි 20, පෙ.ව. 1:17
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති දෙවැනි T20 තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 25 ක්, වනිඳු හසරංග ලකුණු 22 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 51 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා.

Azmatullah Omarzai කඩුලු 2 ක් සහ Mohammad Nabi කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 115 ක් පමණයි.
ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක්, බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් යුත් T20 ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20