hit counter

2025 මැයි මස 19 වන සඳුදා

2024 පෙබරවාරි 19, ප.ව. 3:12



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි T20 තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මෙම තරගයේ සහ 3වන T20 තරගයේ ප්‍රවේශපත්‍ර විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළාය.

නමුත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යල ඉදිරිපිට විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ තරග නැරඹීමට ප්‍රවේශපත්‍ර ඉල්ලා සිටියාය.

එහිදි ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදීමට කටයුතු කළත්,පැමිණ සිටි පිරිස පලනය කිරීමට නොහැකිව දැඩි නොසන්සුන් තත්ත්වයක් එම ස්ථානයේ හටගත්තාය.