hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 10:15



බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.

T20 ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර පැවැත්වෙන 14 වැනි තරගය මෙම තරගය වන අතර ඉන් පෙර පැවැති තරග 13 තුළදී ශ්‍රී ලංකාව තරග 9ක් සහ බංග්ලාදේශය තරග 4 ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පළමු වරට මැද පෙළ පිතිකරු චරිත් අසලංකට පැවරී තිබෙනවා.

ඒ වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන්.

තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.