hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 05, ප.ව. 10:41



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින අතුරු පාලක කමිටුව පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දරන ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළා.