hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 06, ප.ව. 6:42



ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීම අරමුණෙන් ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව තරග ජයග්‍රහණයකදී ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වීමට නියමිත වේ. ශ්‍රී ලංකා මුදලින් එම අගය රුපියල් ලක්ෂ 44කට ආසන්න වේ. ජය පරදුමෙන් තොරව අවසන් වන තරගයක ක්‍රීඩකයකුට ඩොලර් 12000 කි.

ටෙස්ට් තරග පරාජයකදී ක්‍රීඩකයකුට ඩොලර් 10000 ක් හිමිවන ආකාරයට නව ගෙවීම් වැඩි කර තිබේ.