2024 මැයි 08, පෙ.ව. 12:16
ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාව දිනා ගත්තා.
ඒ, අබුඩාබිහිදී ස්කොට්ලන්තයට එරෙහිව පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලබා ගනිමින්.
අවසන් තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරිමට සමත් විය.
ඇය ලකුණු 102ක් ලබා ගත්තේය.
ඒ අනුව මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ස්කොට්ලන්තයට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 101ක් ලබා ගත්තා.

මේ අනුව ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20