2024 ජූනි 09, පෙ.ව. 10:29
2024 T20 ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව සමග තරග ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.
ශ්‍රී ලංකාවට තව නෙදර්ලන්තය සහ නේපාල තරග ඉතිරිව තිබෙන අතර එම තරග ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමිවනවාය.
නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාව ජයක් වාර්තා කිරීමත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු 4ක් මේවන විට හිමිව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට එක්වන්නට නම් දකුණු අප්‍රිකාව ඔවුන් සහභාගිවන සියලු තරග ජය ගෙන සහ බංග්ලාදේශයට නෙදර්ලන්ත හෝ නේපාල තරගවලින් එක් තරගයක් පරාජය වන්නට සිදු වනවාය.
එසේ වුවහොත් ශ්‍රී ලංකාව ,නෙදර්ලන්තය සහ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියන අතර එහිදී දළ වේගය මත සුපිරි 8ට වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වනවාය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20