hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2023 මාර්තු 20, ප.ව. 4:11



Iphone භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස් ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් Meta සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.

WaBetaInfo හි වාර්තාවකට අනුව iOS 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම වට්සැප් විශේෂාංගයට හිමිකම් කීමේ හැකියාව පවතින අතර මෙම වට්සැප් විශේෂාංගය Apple App Store හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් මෙටා සමාගම නිවේදනය කර තිබෙනවා.

මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදාගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති අතර මෙම විශේෂාංගය මගින් බෙදාගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමේ හැකියාව ද පරිශීලකයින්ට හැකියි.

මෙම ඡායාරූප හඳුනාගැනීම සඳහා WhatsApp iOS 16 API තිබිය යුතු බව මෙටා සමාගම පවසනවා.