2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:02
” මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා – 2025 ( Miss Grand Sri Lanka – 2025) රූ රැජින තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය හිමි කර ගත් ඉන්දියාවේ සර්ගම් කවුෂාල් මහත්මිය ( Mrs : Sargam Koushal ) 09/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය 09/24 දින ගල්කිස්ස මහ හෝටයේ දී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ජයග්‍රහණය හිමි කර ගන්නා ශ්‍රී ලාංකික රූ රැජින , ලෝකයේ රටවල් 110 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ පැවැත්වෙන ” මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් – 2025 ( Miss Grand International – 2025 ) තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ලෝක විවාහක රූ රැජින සර්ගම් කවුෂාල් මහත්මිය 09/17 දින අලුයම 12.48 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ” මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ” තරගාවලියේ ජාතික සංවිධායක සහ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:27
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:32
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:15
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:45