hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:05



ඕනෑම ආදර කතාවක් ලස්සන වෙන්න නම් මව්පියන්ගේ ආදරය, ඒ ආශිර්වාදය ලැබෙන්නම ඕන. 

දුනිත් වගේම ඩියානාගේ ආදර කතාවත් ලස්සන වෙන්නේ, ඒ පවුල්වල ආශිර්වාදය මැදයි. දුනිත් මේ දිනවල ගෙවා දමන්නේ අතිශ්‍යය අසීරු කාලයක්. ඒ ඔහුගේ පියාගේ අහිමිවීමත් , රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීමත් යන කාරණා දෙකම නිසයි.

කෙසේ හෝ ඔහු පියාගේ ආසාව වෙනුවෙන් පිටියේ තරගවදින්නට යායුතුව තිබුනු නිසා හදිස්සියේම ලංකාවට ආ දුනිත් සිය පියාට අවසන් ගෞරව දැක්වීමෙන පසු නැවතත්, ඩුබායි බලා පිටත්ව ගියා.

මේ අතරතුර ගෙවන දුශ්කර කාලයට සවියක් වෙන්න දුනිත්ට ඇගේ පෙම්වතියත් ළඟින්ම ඉන්නවා. කෙසේ වෙතත් මේ වන විට සමාජමාධ්‍ය තුළ සංසරණය වන කාරණාවක් ගැනයි මේ කියන්න යන්නේ.

ඩියානා පවසන විදිහට දුනිත්ගේ පියා ඔවුන්ගේ ආදරයට  ආශිර්වාද කළ පියෙක්. ඒ විතරක් නෙවෙයි, තම ප්‍රේමවන්තයාගේ ළඟින්ම ඉන්න ඇය දුනිත්ගේ පියාගේ අභාවය ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණුපොතටද එක්කර තිබුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: