2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:09
අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට තුළ දැනට නීතියක් හෝ නියාමනයක් නැති බවත් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
මහ බැංකුවේ පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් අධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයක් ලෙස ගනුදෙනු සඳහා ව්‍යවහාර මුදල් ඒකකය වන රුපියල පමණක් පිළිගන්නා බවත් වෙනත් කිසිදු මුදල් වර්ගයක් නිල ගනුදෙනුවක් ලෙස පිළිනොගන්නා බවත් ය.
එමෙන් ම, ක්‍රෙඩිට් කාඩ් ඇතුළු කාඩ්පත් ගෙවීම් සඳහා කිසිසේත් ක්‍රිප්ටෝ මුදල් ඒකක භාවිත කළ නොහැකි බවත් මෙම මුදල් ආයෝජනය කිරීමේ නියාමනයක් හෝ නීතියක් රටේ දැනට නොමැති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා ක්‍රිප්ටෝ මුදල් ආයෝජන අවදානම් සහගත ඒවා බවද ප්‍රකාශ කළේ ය.
“මේ වන විට රටේ ජනතාව ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය කරන බව අප අසා තිබෙනවා. ඒවා රට තුළ නිල වශයෙන් පිළිගත් ආයෝජන නොවෙයි. ඒවා කිසිදු නියාමනයකට ලක් වන්නේත් නෑ. මෙම මුදල් මෙරට භාවිතය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම රජයේ වගකීමක්. කොහොම වුණත් මෙම ක්‍රිප්ටෝ මුදල් මූල්‍ය විශුද්ධිකරණය සඳහා භාවිත කිරීම නවැත්වීමට අපට ජාත්‍යන්තර වශයෙන් බැඳීමක් තිබෙනවා. අපි ඊට අදාළව පියවර ගන්නවා. අප දැනටමත් දන්නවා රට තුළ දේශීය සහ විදේශීය ආයතන මෙම ක්‍රිප්ටෝ මුදල් සේවා සපයන බව. ඔවුන් ඉදිරියේදී මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ලියාපදිංචි විය යුතුයි.ඔවුන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් විනිවිදපෙනෙනසුලු භාවයක් ඇති කිරීමේ අරමුණින් එම පියවර ගන්නවා. කෙසේ වුවද දැනට ක්‍රිප්ටෝ ආයෝජනය කිරීම් වැළැක්විමට නීතියක් නැහැ”
2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:09
2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:06
2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 26, පෙ.ව. 12:04
26-09-25
26-09-25
26-09-25
26-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25