hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 27, ප.ව. 4:03



මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාර ස්ථාපිත කිරීමට සහ ඛනිජ වැලි ව්‍යාපෘතියට එරෙහි කණ්ඩායම් සහ පොලීසිය අතර ගැටුමක් හටගෙන තිබේ.

මන්නාරමේ සිදුකරන මෙම ඛනිජ වැලි ව්‍යාපෘතිය හරහා මේ රටේ ඛනිජ සම්පත ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවේ සමාගම් විසින් කොල්ලකෑමට සුදානම් වන බවත් තම ජනතාව දීර්ඝ කාළයක් ජීවත්වූ ප්‍රදේශයන් අහිමිවීමේ අවධානමක් පවතින බවත් එම පිරිස් පවසයි.

කෙසේවෙතත් ඔවුන්ගේ විරෝධය නොසලකා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ එම ප්‍රදේශයට ගෙන යෑමට අද (27) රජය කටයුතු කර තිබුනි.

එහිදී පොලිස් කැරලි මර්දන ඒකකයද එම ප්‍රදේශයට කැඳවා තිබුනි.

එහිදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර පොලීසිය විසින්
පහරදුන් බව එම පිරිස පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: