2025 සැප්‍තැම්‍බර් 27, ප.ව. 8:24
ආසියානු කුසලාන T20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා පැවැතුණු තරගය සුපිරි පන්දුවාරයේදී ඉන්දියා කණ්ඩායම ජය ගත්තේය.
ඩුබායිහිදී පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 202ක් පමණි.
ඒ අනුව තරගය ලකුණු සමවී අවසන් වූ අතර ජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයේදීය.
කුසල් ජනිත් පෙරේරා පන්දු 32කින් ලකුණු 58 ක් ද,පැතුම් නිස්සංක තම ප්‍රථම ජාත්‍යන්තර T 20 ශතකය වාර්තා කරමින් පන්දු 58කින් ලකුණු 107ක් රැස්කළේය.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට නියමිත කඩුලු 2ක දැවී ලකුණු 2ක් පමණක් ලබා ගත්තේය
ජයග්‍රාහී ලකුණු 3 ඉලක්කය පළමු පන්දුවේදීම සපුරා ගත් ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජය ගත්තා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47