2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:07
වඳුරන්ගේ සහ රිළවුන්ගේ අධික ගහණයක් පවතින පොළොන්නරුව සහ ගිරිතලේ ප්‍රදේශවල වඳුරන් සහ රිළවුන් අතර සැක සහිත බෝවන රෝගයක් පැතිර යන බවට වාර්තා වෙයි.
නිලධාරීන් අනතුරු අඟවන්නේ පොළොන්නරුව පූජනීය නගරය අවට නිදහසේ සැරිසරන වඳුරන් සහ රිළවුන්ගෙන් මිනිසුන්ට මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින බවයි.
මෙම රෝගයේ තර්ජනය පිළිබඳ මහජන දැනුවත්භාවය අඩු මට්ටමක පැවතීම නිසා රෝගය ව්‍යාප්ත වීමේ අවධානම තවත් වැඩි බවයි නිලධාරීන් පවසයි.
ඊට විසදුම් වශයෙන් වනජීවී කණ්ඩායම්, බලපෑමට ලක් වූ සතුන් පරික්ෂා කරමින්, සාම්පල එකතු කිරීම මේ දිනවල සිදු කරයි.
එමගින් රෝගය හඳුනා ගැනීම සහ එහි ඇති අවදානම් තත්ත්වය තක්සේරු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
මෙම රෝගයෙන් සිදුවන තර්ජනය තවත් උත්සන්න වීමට පෙර අවම කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම පිළිබඳ අවශ්‍යතාවය බලධාරීන් අවධාරණය කර තිබේ.
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:09
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 12:02