2025 සැප්තැම්බර් 30, පෙ.ව. 11:23
මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර, නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ගැසට් නිවේදනයක් පදනම් කරගෙන මෙම නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් ඉවත් කරන ලෙසට බලකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියට පටහැනි වන බවයි.
නීතිඥ සංගමය පවසන පරිදි, අදාළ ගැසට් නියෝගයේ විෂය පථය සහ අරමුණ, නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් සඳහා අදාළ නොවන බවත්, ඒවා මෝටර් රථ පනතේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය නොකරන බවත් නීතිඥ සංගමය අවධාරණය කරනවා.
නීතිඥ සංගමය විශ්වාසය පළ කරන්නේ, තම සාමාජිකයන්ට හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ වර්තමාන ක්‍රමවේදයට කිසිදු වෙනසක් සිදු නොවන බවටයි.
ඒ අනුව නීතිඥ සංගමය විසින් මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත්වල වැදගත්කම පැහැදිලි කරමින් පහත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
(a) මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත් මගින්, අධිකරණ, විනිශ්චය සභා සහ යුක්තිය පසිඳලීමට අදාළ වෙනත් ආයතනවලට ඇතුළුවීමේදී නීතිඥවරුන් හඳුනා ගැනීමට හැකිවනවා.
(b) අදාළ පරිශ්‍රයන් වෙත වාහන ඇතුළුවීම නියාමනය කිරීමේ වැදගත් ආරක්ෂක පියවරක් ලෙස ඒවා ක්‍රියා කරනවා.
(c) නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් මෙම වාහන අවසරපත්, නීතිඥවරයකු විසින් වාහනය භාවිතා කරන බවට වූ සාක්ෂියක් ලෙස පිළිගනී.
(d) ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වසර 28ක් පුරා, එනම් 1997 සිට මෙම වාර්ෂික හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ පිළිවෙත පවත්වාගෙන යයි.
(e) 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ඉල්ලීම මත සාමාජික වාහන සඳහා අතිරේක හැඳුනුම්පතක් ද හඳුන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
“මෙවන් තත්ත්වයක් යටතේ මෙවැනි පුවත් වාර්තා වීම ගැන අප පුදුමයට පත් වෙමු. නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත්‍රයක අවශ්‍යතාවය ඔබ අවබෝධ කර ගනු ඇතැයි අප විශ්වාස කරන අතර, වත්මන් තත්ත්වය වෙනස් කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවට අපට විශ්වාසයි”
පොලිස්පතිවරයා වෙත යොමු කළ එම ලිපිය පහතින්,
2025 සැප්තැම්බර් 30, ප.ව. 3:10
2025 සැප්තැම්බර් 30, ප.ව. 2:38
2025 සැප්තැම්බර් 30, ප.ව. 1:17
2025 සැප්තැම්බර් 30, ප.ව. 1:05
2025 සැප්තැම්බර් 30, පෙ.ව. 11:06