2025 ඔක්‍තෝබර් 04, ප.ව. 7:15
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරයට අභිනවයෙන් පත් කර ඇති මැතිව් ඩක්වර්ත් මහතා කොළඹට පැමිණ සිටී. සිය අක්තපත්‍ර භාරදීමට නියමිතය.
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා මැතිව් ඩක්වර්ත් මහතා මුණ ගැසුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ද සහභාගී විය.
පාත්ෆයින්ඩර් පදනම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ අතර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමග පදනම පවත්වාගෙන යන සම්බන්ධතා ගැන ද මෙහි දී කරුණු හුවමාරු කරගෙන ඇත.
මහ කොමසාරිස් ඩක්වර්ත් මහතා මෙයට පෙර ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ සේවය කර ඇති පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13