2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:06
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසන්නේ විදුලි ගාස්තුව 6.8% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීම මෙම මස තුන්වැනි සතියේ සිදුකිරීමට නියමිත බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තිරණය ගැනීමට නියමිත බවත් සඳහන්.
මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව කරුණු 8 ක් යටතේ මේ වන විට අධ්‍යනය කරමින් සිටින අතර එහිදී විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම සහ ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම යන කරුණු පිළිබඳව අවදානය යොමුකර ඇති බවත් එහිදී ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට සහ පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු වී ඇති බවත් පැවසෙයි.
විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය යැයි ඇස්තමේන්තු කර තිබේ.
2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:11
2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:05
2025 ඔක්තෝබර් 05, පෙ.ව. 12:04
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25