hit counter

2025 නොවැම්‍බර් මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:09



ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර හිඟයක් සහ අර්බුදයක් ඇති බවයි පිළිගත්තේ.

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව එකම කණ්ඩායම වසර 28 කට ආසන්න කාලයක් රියදුරු බලපත්‍ර ව්‍යාපාරයේ නියැලී සිටී.

මේ නිසා මූල්‍ය අවභාවිතය සහ දූෂණය විශාල පරිමාණයෙන් සිදුවී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා හමුදාව යොදාගෙන මෙය විසඳීමට උත්සාහ කළ නමුත් එය තවමත් සාර්ථක වූයේ නැත. එබැවින්, මෙය නවතා නව ක්‍රමයක් හඳුන්වා දීමෙන් අපි මැදිහත් වුණා,” ඔහු පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: