hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 11:45



දොළුව පන්සල අසල රිය අනතුර මාධ්‍ය වාර්තා කිරීමේ දී කාන්තා හිංසනයක් සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා, කතුන් තිදෙනෙකුට මරු කැඳවු දොළුව පන්සල අසල මාරක අනතුර. එතන අවුලක් නෑ. නමුත් රියදුරු කත බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පාගලා. මෙහෙම වෙන්නේ කාන්තාවක් වීම නිසා නෙමෙයි, ඩ්‍රයිවර්ලට වෙන්නේ.

ඒ නිසා කරුණාකරලා කාන්තාවන් මේ ක්ෂේත්‍රයට ගන්න හදන වෙලාවේ, ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා, රියදුරු කත ද රියදුරු පිරිමි ද කියලා නැතිව රියදුරු කියලා වාර්තා කරන්න කියලා. මෙතන වෙන හිංසනයක් තියෙනවා.”

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.