hit counter

2025 ඔක්‍තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:01



2025 අයවැය මඟින් වැටුප් වැඩිවීම් නොලැබූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට අධික පිරිසකගේ ගැටලු 2026 අයවැය ඔස්සේ විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ තේමාව යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ‘ජාතික විශ්‍රාමික දිනය 2025’ උත්සවයට එක්වෙමිනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා තවදුරටත් කියා සිටියේ,

”ලක්ෂ 07කට අධික විශ‍්‍රාමික ප‍්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව අපි දන්නවා. අපි විශ‍්‍රාමික සංවිධාන මුණගැහෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා මුණගැසී ඔවුන් සාකච්ඡා කරනවා. තාමත් අපට හඳුනාගත නොහැකි ගැටලුත් තිබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: