hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35



ආසියානු පාපන්දු තරගාවලියට එක්වීම සඳහා පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්ථානය අතර කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේදී පැවැතුණු තරගය ගෝල 1-0ක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජය ගත්තේය.

ටර්ක්මෙනිස්ථානය ජගත් පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 138 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එහි 197 වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ටර්ක්මෙනිස්ථානයට එරෙහිව පාපන්දු තරගයක් ජයගත් පළමු අවස්ථාව ද මෙය විය.