2025 ඔක්තෝබර් 11, ප.ව. 5:42
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන තමන් භාවිත කළ වෙඩි නොවදින මෝටර් රථ යළි ලබා දෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති හිමිකම් පනත අහෝසි වීමත් සමග එම වෙඩි නොවදින රථ නීතිප්‍රකාරව ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට පසුගියදා පියවර ගත්තේය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුව වෙත යොමු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකගෙන් එම කමිටුව සමන්විත වේ.
එම කමිටුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රථ හා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ ප්‍රකාශ කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 8:45
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:25
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:20
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:17
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
11-10-25
11-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25